මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) උදෑසන පැවැත්වේ.

අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2888 ක දී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කර තිබේ.

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් මාතර, අකුරැස්ස සහ මුලටියන අධ්‍යාපන කලාපවල විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විභායට පෙනීසිටිමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කර සිටි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page