රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් 16 කට නායයාමේ අවදානම් ජාතික ගොඩනැගිලී සහ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ
නැවත දැනුම් දෙන තුරු මෙම නීවේදන බලාත්මක බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි .
ඒම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල නායයෑම් අවදානම ඒම ප්‍රදේශවල ජනතාවට ග්‍රාම නිලධාරීන් මගින්ද දැනුවත් කිරිමට කටයුතු කර ඇත.
රත්නපුර ,ඇලපාත ,කුරුවිට ,ඇහැලියගොඩ , කලවාන, නිවිතිගල , ඕපනායක ,වැලිගෙපොල ,බලන්ගොඩ ,ඉඹුල්පේ ,අයගම ,කහවත්ත,පැල්මඩුල්ල ,කිරිඇල්ල ,ගොඩකවෙල සහ කොළෙන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යාමේ අනතුරු ඇගවිම් නිවේදනය කර ඇත.
