2024 වසර අයවැය යෝජනාවලිය අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි .

ලබන වසරේ සැප්තැම්බර් හෝ ඔක්තොම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව දෙසැම්බර් මස 31 වන දාට පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීම ඊට හේතුව වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කර සිටියා

ඒ අනුව එළැඹෙන මාර්තු මාසයේදී මහ මැතිවරණයක් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මේ වන විට ඒ සඳහා සුදානම් විමට සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page