අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය රාජාංගනය සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ ජාතීන් හා ආගම් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කරමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් හිමියන් විසින් කර ඇති බවයි.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත

අදාළ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සද්දාරතන හිමියන් මේ වන විට ඇප මත සිටි.

එමෙන්ම බෞද්ධ ආගමිකයන් මුළාවට පත් කරමින් දේපල විනාශ කරන ලෙසට ඔවුන් පොලඹවන ප්‍රකාශ සිදු කර ඇති බවත් පැවසූ රහස් පොලිසිය උන්වහන්සේට මුදල් ලැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද කියා සිටියා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page