යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි .
අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරෙන බව සදහන්
