2023 ලෝක කුසලාන තරගාවලියේ අමිහිරි මතකයන් උරුම කරමින් සිව්වැනි පරාජය ශ්‍රී ලංකාවට ඊයේ (30 වැනිදා ) ඇෆ්ගනිස්තානය හමුවේ උරුම විය.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ නුවර එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ දි පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 241 ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්තාන කඩුලු 7 ක් අතැතිව එම ජයග්‍රාහි ඉලක්කය සපුරා ගන්නා ලදී .
එම පාරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 6 වන ස්ථානය දක්වා පහතට වැටුණු අතර ලෝක කුසලාන පිළිබඳව තිබූ අවසන් බලාපොරොත්තුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ගිලිහී ගියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිශ්ශංක 46, දිමුත් කරුණාරත්න 15,කුසල් මෙන්ඩිස් 39 සදීර සමරවික්‍රම 36, චරිත් අසලංක22, ධනංජය ද සිල්වා 14, ඇන්ජලෝ මැතිව්ස් 23,මහීෂ් තීක්ෂණ 29, කසුන් රාජිත 05, දුෂ්මන්ත චමීර 01,ඩිල්ශාන් මධුෂංක නොදැවී 00 අතිරේක 11 යි
පන්දු යැවීම ,මුජිබුර් රහමන් 10-38-2, ෆසාල්හක් ෆරූකි 10-34-4, නවීන් උල්හක් 6.3-47-0, අශ්මටුල්ලා ඔමර්ශායි 7-37-1 මොහොමඩ් නබී 6-33-0 රෂීඩ් ඛාන් 10-50-1
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රහ්මනුල්ලා ගුර්බාස් 00,ඊබ්‍රහිම් සද්‍රාන් 39, රහමට් ෂා 62, හෂ්මතුල්ලා ශහීඩි 58, අස්මතුල්ලා ඔමර්සායි 73 අතිරේක 10
පන්දු යැවීම, ඩිල්ශාන් මධුසංඛ 9-48-2 කසුන් රාජිත 10-48-1 දුෂ්මන්ත චමීර 9.2-51-0 මහීෂ්, තීක්ෂණ 10-55-0, ඇන්ජලෝ මැතිව්ස් 3-18-0 ධනංජය ද සිල්වා 4-21-0, කුෂාන් සුබසිංහ පූනේ නුවර මහාරාස්ට්‍ර ක්‍රීඩාංගණයේ සිට
