තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට උපරිම සහාය දක්වන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලපන් අමෝන්විවා මහතා පවසයි.

වත්මන් ආර්ථික අභියෝග, අවස්ථා සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළි බඳව ද ඒ මහතා අවධාරණය කළේ ය. ඔහු මේ බව කියා සිටියේ බැංකොක් නුවර පැවැත්වෙන ESCAP සමුළුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග පැවති හමුවක දී ය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡාවල ප්‍රගතිය සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද එහි දී වැඩිදුරටත් අදහස් හුවමාරු වූ බවයි සේමසිංහ මහතා කියා සිටියේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page