2023 අයි සි සි ලෝක කුසලාන තරඟාවලියේදී අනෙකුත් කණ්ඩායම් වලට වඩා වැඩි දෝලනය සහිත පන්දු යවන්නට ඉන්දීය පන්දු යවන්නනට හැකිවී ඇත්තේ ඔවුන් පන්දු යැවීමේදී ලබාගන්නා වාසිදායක පන්දුවක් නිසා බව හිටපු පකිස්ථාන ක්‍රීඩක හසන් රාසා ඒබීඑන් නාලිකාව සමග පැවති රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශ කර ඇත .

ඉන්දීය පන්දු යවන්නන්ට විවිධ පන්දු ලබා දුන් බවට හිටපු පකිස්ථාන ක්‍රීඩක හසන් රාසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා කරන අතර ඉන්දියාව භාවිතා කල පන්දු විමර්ශනය කරන ලෙස ද ඉල්ලා සිටි.

ඔහු මේ සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තෙවැනි විනිසුරුට දොස් පැවරු අතර ICC ඉන්දියාවට පන්දු යැවීමට එන විට විවිධ පන්දු ලබා දෙන බවත් BCCI සහ තුන්වන විනිසුරු පවා සම්බන්ධ බවටද චෝදනා කරයි .

ඉන්දියානු පන්දු යවන්නන් වැඩි දෝලනයකින් පන්දු යැවීම සිදු කරන නමුත් ඉන්දීය පිතිකරුවන්ට පන්දු යවන විට අනෙක් කණ්ඩායම්වලට ඒසෙ සිදු නොවන බවත් එක් පැත්තක් බර වාසිදායක බෝලයක් ඉන්දියාවට ලැබෙන බවටත් ඔහු චෝදනා කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page