ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම මඟින් පොලිස් දෙපාර්තමේන්තුවට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බව නීතීඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .

නීතීඥ සාමුහිකය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරත් සදහන් කරන්නේ….

පොලිස්පතිවරයා පත්කිරිමේදී ජ්‍යෙෂ්ඨත්වය එක් සාධකයක් පමණක් බවත් පොලිස්පතිවරයා පත්කිරීමට පෙර ව්‍යවස්ථාදායක සභාව කුසලතාව මත පදනම් වූ වගකිව යුතු ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බව ද සදහන් කර සිටිනවා .

ඒසෙම පොලිස්පතිවරයෙකු පත් කිරීමේදී ව්‍යවස්ථාවෙන් පෙන්වා දී ඇති නිති රීති පිළිබඳව හා මහජනතාව පොලීසිය කෙරෙහි ඇති විශ්වාසය යළි ඇති කිරීමේ වැදගත්කම පිළිබඳවත් ඔවුන් එම නිවේදනයේ සදහන් කර සිටි .

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පොලිස් කෲරත්වය ඇතුලු නිති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සහ පාස්කු ප්‍රහාරයේදී කාර්ය භාර්ය ඉටු නොකළ නිළධාරීන් නව පොලිස්පති ධූරයට පත් නොකළ යුතු බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page