ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලය තිරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන අයගෙන් සමන්විත අනුකමිටුවක් පත් කරන ලදි.

අනු කමිටුවේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ ක්‍රිකටි ක්‍රීඩාව තවදුරටත් නොවැටී තබාගෙන ඉදිරියට ගෙන යාම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය රජයට යෝජනා කිරීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉහත කමිටුව පත් කිරීමට පියවර ගැණින.

ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා රජය දැනුවත් කර නොතිබූ බව එහිදී ප්‍රකාශ විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page