ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අවස්ථාවේ ඉන්දීය කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට ආරාධනා කළේ මහේල ජයවර්ධන ගේ උපදෙස් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම දිණුවා නම් ඔවුන් මුලින් පන්දුවට පහර දීමට බලාපොරොත්තුවෙන් සිටි බව ඉන්දීය නායකයා මාධ්‍ය හමුවේ කියා සිටි බවත් ඔහු සඳහන් කලා.

එම තීන්දුව සම්බන්ධයෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයන් පවා පුදුමයට පත්වූ බවත් තමන් මේ සිදුවීම ගැන පුද්ගලිකව දන්නා බවද පැවසූ ඔහු තමන්ට මහේල ජයවර්ධන සමඟ පුද්ගලික ආරවුලක් නැති බවද සඳහන් කර සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page