හිටපු ප්‍රබල ඇමැතිවරයෙකුට අයත් මත්පැන් සමාගමක නමින් දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ඒහි තිබූ ව්‍යාජ ස්ටිකර් සහිතව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් හයදහසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දොම්පේ කළුකොඳයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ නීති විරෝධී අන්දමින් මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රියාන් නිශ්ශංක වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

සුවඳ විලවුන් නිෂ්පාදනාගාරයක් පවත්වා ගන යන මුවාවෙන් මෙම ව්‍යාජ මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර එහි ප්‍රධාන සැකකරු ඇතුළු සේවය කළ සැකකරුවන් 12 දෙනෙකුද පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිෂ්පාදනාගාරයේ තිබූ මත්පැන් බෝතල්වල අලවා තිබූ ස්ටිකර් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි මත්පැන් සමාගමකට සමානව සකස් කර තිබෙන බවත් අදාළ නීත්‍යානුකූල මත්පැන් සමාගමට ද රහසේ මෙය සංවිධානාත්මකව පවත්වාගෙන ගොස් ඇත්දැයි ද පොලිසිය විසින් පරික්ෂණ කරයි .

මෙම ස්ථානයේ මොවුන් දින අටක කාලයක් මත්පැන් නිෂ්පාදනය, බෝතල් කිරීම, ස්ටිකර් යෙදීම, මූඩි සීල් කිරීම සිදුකර තිබුණු අතර මෙම මත්පැන් සුරාසල් වෙත රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ ලොරී රථ දෙකක්ද පොලිසිය බාරයට ගෙන ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page