පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටුවමින් ශ්‍රී ලංකාවට කිසිදු වාහනයක් ආනයන කිරීමට අවසරයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර සිටි.

පොදු ප්‍රවාහනය සඳහා වාහන ආනයනය කිරීම සඳහා ලබා දුන් මාසයක කාලය අවසන් වී ඇති බවත් අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

වාහන ආනයනය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි .

වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page