ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2 ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා අද (9) දින පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් සදහන් කර සිටි.

නිදහස් චතුරස්‍ර ශාඛාවේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2 ක මුදලක් ලබා ගැනීමට කටයුතු කරනවා කියලා තමන්ට පණිවුඩයක් ලැබුණු බවත් දැනට පාර්ලිමේන්තුවේ මේම ප්‍රශ්නය තියෙන නිසා කළමනාකාරතුමා ඉහළින් මේ ගැන උපදෙස් ඉල්ලලා සිටින බවත් ඔහු සදහන් කරයි .

මේ ගිණුම්වල මුදල් ගැනීම සහ පැහැදිලි දුෂණයක් තියෙනවා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා බලන්න ඕනේ. එක පුද්ගලයෙක් රටේ නෑ. තවත් කල්මැරීම තුළ මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ.” අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page