ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද (9) නවසීලන්ත කණ්ඩායමට සමග බැග්ලෝර් සින්නසාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ 8 ට සහභාගි වී සිටින අතර මෙම තරගයේ ජයග්‍රහණය නවසීලන්ත කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත

තරගාවලියේ මේ වන විට සිව් වන ස්ථානයේ රැඳී සිටින නවසිලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම තරඟය ජයග්‍රහණය කිරීමත් අනිවාර්ය වේ..

එසේම මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරග තරගාවලියේ 9 වන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් මෙම තරඟයේ ජයග් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

ඒ 2025 ශූරයන්ගේ ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට මෙම ලෝක කුසලාන තරගාවලියේ 8 වන ස්ථානය දක්වා ඇති කණ්ඩායම් පමණක් තෝරා ගන්නා බැවිනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page