මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය අනාගතය අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතාගෙන සිටින ආකාරයට ආණ්ඩුව සහ විපක්ෂය මත දෙකක සිටියත් මෙම ප්‍රශ්නයේදී එක් මතයක සිටින බැවින් ඔවුන්ට නම්බුවක් ඇත්නම් අද දවස තුළ ස්ව කැමැත්තෙන් ඉවත් විය යුතු බව විපක්ෂ නායකවරයා පවසයි

දූෂණය වි ඇති ක්‍රිකට් පරිපාලනය ඉවත් වී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත වැඩපිළිවෙළ උදෙසා පැහැදිලි නිවැරදි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන බලපෑමෙන් ඉවත් කර ගජමිතුරු කණ්ඩායම් කල්ලි ගැසී පාතාල කාරයෝ, කුඩු කාරයෝ සහ ලිංගික අපචාරකරුවන් ඉවත් කර නිවැරදි ක්‍රමවේදයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනුවෙන් සංසදයක් ඇති කර ඔවුන්ගේ යෝජනා සහ බලධාරින්ගේ අදහස් පවා විමසා ක්‍රිකට් ආරක්ෂා කිරීමේ ගමනේ කොටස්කරුවන් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව යනු නිල් කොළ රතු භේදයකින් තොරව ලක්ෂ 220ටම අයිති බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා සිදු කළ පරිපාලනයට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත කරමින් සිදු කළ කතාවේදීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page