කොළොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් ඇගයීම සහ එම පංති භාර ගුරුවරුන්ට උපහාර පිදිම එම විදුහලේ විදුහල්පති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විද්‍යාලයේ දි සිදු කෙරුණි.

විද්‍යාලයේන් ශිෂ්‍යත්ව විභාග සමතෙක් බිහි විම වසර 10 ට පසු සිදු විම විශේෂයක් වු අතර ලකුණු 100 ඉක්මවු ශිෂ්‍යයන් 5 දෙනෙක් ඒ අතර සිට්න ලදි

කඩඉම් ලකුණු සිමාවා ඉක්මවමින් ඒම්.ශිදාද් ශිෂ්‍යයා ලකුණු 169 ක් ලබා ගැනීමට සමත් වු අතර ලකුණු 100 ඉක්මවු ශිෂ්‍යයන් ලෙස .M.F.මුහම්මද් -142,E.M.සන්දුල් -130,M.ශාදීර් -130,මොහොමඩ් ෆකී- 117,G.නිතීෂන්- 102 විය.

එහිදී උත්සවය ඇමතු ඒම විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ශාස්ත්‍රපති දුම්බරගම විමලවංශ හිමි ඒ වෙනුවෙන් කැපවිමේන් කටයුතු කල ආදරණීය ගුරු භවතුන්ට, ගුරු මණ්ඩලයට, ආදි ශිෂ්‍ය සංගමයට හා දායකත්වය දැරු විද්‍යාලයේ අදී සිසුන්ට ගෞරවණීය ස්තුතිය පුද කරන ලදි.

ඒම උත්සව අවස්ථාවට විදුහල්පති ,නියෝජ්‍ය විදුහල්පති තුමිය ඇතුළු ගුරු මණ්ඩලය , ආදි ශිෂ්‍ය සංගමයේ නව සභාපති දේශමාන්‍ය තුසිත පෙරේරා මැතිතුමා , හිටපු සභාපති ඇතුළු ආදි ශිෂ්‍යයන් පිරිසක් සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page