විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් 900 කට ආසන්න ප්‍රමාණයක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
