ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත මහතා මෙම 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු 05 දෙනකු මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.

මෙම සැකකරුවන් අතර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ සැපයුම්කරු ද සිටින අතර මෙම වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලියාපදිංචියකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියට මෙම ඖෂධය ආනයනය කළ සමාගම ඇතුළත්වී ඇති අතර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මෙම ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාළ මුදල්වලින් රුපියල් මිලියන 40 ක් ගෙවා දැමීමටද වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page