වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේ පළමු අදියර අද (24) දින උදෑසන 6.00 න් අවසන් විය.
පුරා දින හතක් තුල පැවති මෙම මෙහෙයුමේදී සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 717 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරනවා.
සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 1,097 ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් ඒම අමාත්‍යාංශය සදහන් කරයි.
