වසර 25 කට පසු පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අයවැය ප්‍රතිපාදනවලට අනුව රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද සියලුම ගෙවිම් සඳහා අවශ්‍ය මුදල් ගෙවිමට භාණ්ඩාගාරය විසින් මුදල් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු ආරම්භ කර ඉදිරිපත් කල පළමු අයවැය 2023 අයවැය ලේඛනය වන අතර මෙය සුවිශේෂී සිදුවීමක් බවත් වසර 25 තුළ සියලුම අනුමත ගෙවීම් මූල්‍ය වර්ෂය තුළ පියවූ එකම වසර ලෙස 2023 වසර සදහන් කල හැකි බවත් මුදල් අමාත්‍යාංශය සදහන් කර ඇත.
