අද (1) සිට ක්‍රියාත්මක වන වැට් බද්ද හෙතුවෙන් ඉන්ධන සදහා මෙතෙක් අය කරණු ලැබු වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් වන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති ඒකකය සදහන් කරයි.
ඒ අනුව ඉන්ධන සඳහා වු වරාය හා ගුවන්තොටුපළ බද්ද සියයට 7.5 ඉවත් වන අතර ඉන්ධන මත අය කරන සියයට 18 වැට් බද්ද හේතුවෙන් සියයට 10.5 ක ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ යා හැක.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පමණ සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් පමණ ඉහළ යනු ඇති බවට අපේක්ෂා කළ හැකිය.
තවද සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 25 කින් පමණ ඉහළ යනු ඇති බවට අපේක්ෂා කළ හැකිය.
