තක්සේරු වර්ෂයක් සඳහා රු.1,200,000/- කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා නොගතහොත් රු. 50,000/-ක දඩයක් පනවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2024 ජනවාරි 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.
එහිදී තක්සේරු වර්ෂයක් ලෙස සැළකෙන්නේ අප්‍රේල් 01 දා සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා කාලය වන අතර ලියාපදිංචි නොවී සිටියදී හඳුනාගනු ලබන පුද්ගලයන් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමේ දී රුපියල් 50,000/-ක දඩය අය කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඉහත උපදෙස් අනුව ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ඔන්ලයින් ලියාපදිංචිය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිසිය හැකි අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කළ හැකිය..
