වත්මන් ජනාධිපතිවරයා වැටුණු රට නැවත ගොඩ නැගිමට කටයුතු කරද්දී විපක්ෂයේ කණ්ඩායම් වැට් බදු ඉහළ දැමීම පිළිබඳව අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව ජනාධිපති වෘත්තය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය පවසා සිටිනවා.

2024 ජනවාරි පළවෙනි සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු වැඩි කිරීම සිදු කළේ සියයට 3 කින් වුවත් විපක්ෂයේ කණ්ඩායම් එය සියයට 18 කින් වැඩි කළ බවට මතයක් ගොඩනැගීමට උත්සාහ කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෙළඳපොලේ පවතින සෑම භාණ්ඩයකටම වැට් බදු අදාල නොවන බවත් මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ධ සිහියට 18 දක්වා වැඩි කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව මගින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කරනු ලැබුවා.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වු වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා…..

රජයේ සේවකයන්ට වැටුප් ලබා දෙන්න, ජනතාවට නොමිලේ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සේවා සැපයීම සඳහා සෑම දෙයකටම රජයට මුදල් අවශ්‍යයි. රජය මේ සියළු දෙ සිදු කරන්නේ රජයට ලැබෙන බදු ආදායමෙන්. මෙතෙක් සියයට 15 ක් වු වැට් බද්ද රජය විසින් සියයට 3 කින් පමණයි වැඩි කලේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි 01 දා ඉදලා.

දේශපාලඥයන් එක පැත්තකින් මතය හදනකොට ඊට ගැලපෙන විදියට සමහර ව්‍යාපාරිකයන් භාන්ඩ මිල ඉහල දානවා. මේ දෙගොල්ල එකතු වෙලා කරන්නේ රටේ ජනතාව බරපතල අසාධාරණයකට ලක් කරන එක.
මේ තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට .

ජනතාව නැවත සැරයක් පාරට බස්සලා රට අරාජික කරන එක. එහෙම උනොත් රට නැවත ආපස්සට යනවා. එන්න ඉන්න ආයෝජකයෝ එන්නෙත් නෑ. සංචාරකයෝ එන එක නවතිනවා. විදේශ ප්‍රේෂණ ටික නවතිනවා.
මේ හැම දෙයකින්ම අපිට පේන්නේ රට අරාජික කරන මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි.

දැන් යුක්තිය මෙහෙයුමෙන් කුඩු කාරයෝ, පාතාලයේ වැරදිකරුවන්, මර්ධනය කරන්න හදනවා. හැබැයි මේකටත් විරුද්ධ අය ඉන්නවා.
පොලීසිය කරන මේ දෙය හොද දෙයක්. ධනාත්මක කාරණයක්. නමුත් ඒකටත් සමහරු විරුද්ධයි.

බංකොලොත් රටක් ගොඩ ගන්න මේ වෙලාවේ ජනාධිපතිවරයා අසීරුම උත්සහයක යෙදෙනවා. සියයට 15 වුනු වැට් බද්ද 3 කින් වැඩි කලා කලින් මේක 15 ට තිබිලා ගෝඨාභය ජනාධිපතිවරයා සියයට 8 කට අඩු කලා. බිලියන 650 ක් භාන්ඩාගාරයට ලැබීමට නියමිත ආදායම නැති කලා. ඒක වෙන පැත්තකින් ගන්න නිෂ්පාදනය වැඩි කිරීම හෝ වෙන මොනයම් ක්‍රමයක් තිබුනේ නෑ. ඒ නිසා රට ආර්ථික වශයෙන් කඩා වැටුනා.

අද වත්මන් ජනාධිපතිවරයා ඒ වැටුන රට ගොඩනගමින් ඉන්න ගමන්, ජනතාවට සහන ලබා දීමට විවිධ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර තිබෙනවා. දරුවන්ට ත්‍රිපෝෂ, පාසල් පෙල පොත්, සපත්තු, මහපොල, සුරක්ෂා රක්ෂණය, ආදී දේ ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වාගෙම ජනතාවට අස්වැසුම, ගොවියන්ට පොහොර, ලබා දෙනවා. වතු ආශ්‍රිත ජනතාවට ගෙවල් දෙන්න, නාගරික ජනතාවට නිවාස ලබා දීමට කටයුතු කරමින් ඉන්නව.

මේවට තමයි රාජ්‍ය ආදායම වැඩි කරගන්න උත්සහ කරන්නේ. මේ රටේ දුප්පත් එදා වේල හම්බකරගෙන කන මිනිස්සු ටික ජීවත් කරලා රට දියුණු කරගෙන යමු කියලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ.
මේක සජිත් ප්‍රේමදාසලාට, ජී.එල්. පීරිස්ලාට, අනුර කුමාරලාට, ඩලස් අලහප්පෙරුමලාට තේරෙන්නේ නෑ. සමහර විට තේරෙනවා උනත් ඔවුන්ගේ දේශපාලන සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් නොතේරුනා වාගෙ ඉන්නවා.

මේ වන විට සමහර වෙළෙන්දන් හිතු මානාපයට භාන්ඩ මිල වැඩි කර ඇති බවත්, වැටුන රටක අත්තනෝමතික ලෙස බඩුමිල වැඩි කිරීම සාධාරන නොවන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page