මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මාවනැල්ල පොලිස් වසමේ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු අයිස් මත්ද්‍රව්‍ය 33g (ග්‍රෑම්) ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 5g ඉලෙක්ට්‍රෝනික තරාදි 03 ක්, පොලිතීන් තිබී අත්අඩංගුවට ගෙන තවදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී සැකකරුට අයත් Nissan X- Trail Jeep රථයේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය 28g ක් විමර්ශන කණ්ඩායම් විසින් සොයා ගෙන ඇත.

යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරනු ලැබු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බහිවූවෙකු වන අතර, දිර්ඝ කලක සිටි මාවනැල්ල ප්‍රදේශයේ මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගොස් ඇති බව සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page