වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබාදෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන්ගෙ ජන්දයෙන් ජනාධිපති ධූරයට පත් වූ බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහය ලබා දීම ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා සදහන් කර සිටියා
මේ වන විට රට යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් එහි ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය යුතු බවත් ඊයේ (3 ) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලුම් අමුණුගම සඳහන් කර සිටියා
මේ වසරේ ජනපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉදිරිපත් වන්නේද, ඒ පොදු අපේක්ෂකයෙක් වශයෙන්ද, එසේත් නැත්නම් තනි පක්ෂයක අපේක්ෂකයෙක් වශයෙන්ද යන්න පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ ප්‍රකාශ කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා
වැඩිදුර අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා …..
“ඡන්ද 69 ලක්ෂයක ජනතා වරමින් පත් වූ නායකයා අරගලයකට මුවාවෙලා ගෙදර ඇරියා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාසට, අනුර දිසානායකට වගේම සරත් ෆොන්සේකාට පවා ජනාධිපති ධුරය භාරගන්න කියලා ආරාධනා කළා. ඒ අය පස්සට ගිය වෙලාවේ තමයි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තේ. දැන් රට යම් තාක් දුරට නැවතත් හිස ඔසවමින් පවතිනවා. හිස්වූ භාණ්ඩාගාරය නැවතත් සක්‍රීය වෙමින් පවතිනවා. රට මේ තත්ත්වයට ගෙන ඒමේ ගෞරවය වත්මන් ජනපතිට හිමිවෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ එතුමාට තව ටික කාලයක් මේ ආකාරයෙන් කරගෙන යන්න ඉඩ දිය යුතුයි කියලයි.
අද හිතාගන්න බැරි තරම් නම් ගොඩක් ජනාධිපති අපේක්ෂකයෝ පිළිබඳ කියවෙනවා. ඡන්දෙ ඉල්ලන්න ජනාධිපති වෙන්න ඒ තරම් අමාරු වෙන්නේ නෑ. නමුත් එහෙම ආපු මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ වැනි අයට මොකද වුණේ. ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් රටේ භාණ්ඩාගාරයේ තත්ත්වය ගැනත් හිතලා තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ ඉදිරිපත් වෙන කෙනාට රට ගොඩ නඟන ස්ථීර වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් පසු අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා. එකපාරටම ගුවන්ගත වුණු හෙලිකොප්ටරය අද තෙල් ඉවර වෙලා සජිත්ගේ දෙපා මුල කඩා වැටිලා තියෙනවා.
වැට් බද්ද නිසා ජනතාව යම් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව අප සැම පිළිගත යුතුයි. නමුත් සමහර අය මේ පිළිබඳව බොරු බිල්ලෝ මවනව. ජනතාව සත්‍යය තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. විදුලි බිල හා වෙනත් බදු නිසා අද ආයෝජකයෝ ගැටලු වලට මුහුණ පා සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් සඳහා පනවා ඇති බදු ඉවත් කොට යම් සහන ලබා දීමට කටයුතු කළ යුතුයි. නැත්නම් නැවතත් ගැටලු උද්ගත වෙන්න පුළුවන්. මේ අමාරු කාලයේ පහු කරොත් හැමදෙනාටම සහනයක් ලැබේවි.”
