යුක්තිය මෙහෙයුම ගත වූ පැය 24 තුල සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර සිටි
ඒසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 1946, හෙරොයින් ග්‍රෑම් 405ක්, අයිස් කිලෝ එකයි ග්‍රෑම් 700 ක්, ගංජා කිලෝ 4, ග්‍රෑම් 742 ක්, මාව කිලෝ 1, ග්‍රෑම් 274 ක් හමුවි ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන් 86 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් 54 ක් සම්බන්ධව රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු බවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 38 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි
