ඊයේ (05) රාත්‍රි දක්ෂිණ ආධිවේගී මාර්ගයේ 110.6 ස්ථානයේ දී සිදු වු රිය අනතුරින් 42 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ බස් රථයක රියදුරුට නින්ද යාමෙන් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් බස් රථයේ ඉදිරිපස සිටි විදේශික යුවළක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඒම පිරිමි පුද්ගලයා මිය ගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පින්නදූව පොලිස් මුරපොළ, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
