විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්,හිටපු අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය ලබාගත් පහසු ජයත් සමග .4 වන වතාවටත් ඒරට අග්‍රාමාත්‍යවරිය ලෙස 76 හැවිරිදි සීක් හසිනා පත් වී ඇත.
බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර ඇති අතර ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 කට අධික පිරිසක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම සදහන් කරයි
මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වූ අතර 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය සදහා සුදුසුකම් ලැබිය.
බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේ සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමිනි.
