මැති ඇමතිවරුන් රැසක් සමග වරාය තුල සාදයක් පැවැත්වු බවට එක් පක්ෂයක වෘත්තීය සමිතියක් සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි .
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් එදින සිදුවූයේ නීත්‍යනුකූල නිරීක්ෂණ චාරිකාවක් පමණක් බවත් එහිදී මහජන මුදල් කාබාසිනියා කළ කිසිදු සාදයක් නොපැවති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා .
මෙම නිරීක්ෂණ කටයුත්ත සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර ඇතැයි වෘත්තීය සමිති නියෝජිතයන් පැවසීම මුළුමනින්ම සාවද්‍ය සහ වැරදි තත්ත්වයක් බවත් ඒ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ තුනක් පමණක් බවත් එහිදී වරාය අධිකාරිය වියදම් කර ඇත්තේ ඉන්ධන වියදම් ලෙස රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක් පමණක් බවත් ඉතිරි මුදල් සිය පුද්ගලික ධනයෙන් වියදම් කොට ඇති බවත් ජයසේකර මහතා ප්‍රකාශ කලා
පාර්ලිමේන්තු මැති ඇමැතිවරු නිරීක්ෂණ චාරිකාවකට එක් වීමේදී ඒ සඳහා අදාළ ආයතන අවශ්‍ය වියදම් කිරීම කළ යුතු කාර්යයක් බවත් මෙම නිරීක්ෂණ චාරිකාව පටිගත කළ වරාය සේවකයා සම්බන්ධයෙන් ද එය සාවද්‍ය තොරතුරු මාධ්‍ය හමුවේ පැවසූ වෘත්තීය සමිති නියෝජිතයා සම්බන්ධයෙන් ද අනිවාර්යයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසීය.
මැති ඇමැතිවරුන් පිරිසක් මහජන මුදල් කෝටි ගණන් භාවිත කරමින් වරායේදී බෝට්ටු දෙකක සිට සාදයක් පැවැත්වූයේ යැයි වෘත්තිය සමිති කර ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා එම අදහස් පළ කළේ ඊයේ (11දා) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
