ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වුණු බොහෝ පිරිස් සමාජයේ වෙනම ස්ථරයක පසුවන්නන් බවත්… ඉස්සර කළේ සමාජයේ සිටින තෝරාගත් පිරිසක් පමණක් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගත් බවත් එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ රටේ සියලුම බලවේගයන් එකතු සමග ඒකතු වී රට තුල පුලුල් ජනතා මතයක් නිර්මාණය කරමින් සිටින බවත් දැන් ජාතික ජන බලවේගය ලෙස සිදු කරමින් සිටින්නේ සමාජයට යහපත් දෙයක් කිරීමට කැමති ඒවැනි පුලුල් බලවේග සියල්ලම එකතු කරගැනීම බවත් ඔහු කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මහනුවර ආසන සමුළුව අමතමිනි…

වර්තමාන සමාජයේ කිසිවෙකු නොසලකා හැරීමට කිසිවකුට නොහැකි බවත් ජය තහවුරු කර ගැනීමේ වර්තමාන අරගලයේදී සමාජයේ සියලුම කොටස්වල සහාය අවශ්‍ය බවද කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page