එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් සම්මේලනය එක්සත් ජාතික පක්ෂ සභාපති ගාලු දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 13 ) ගාල්ල නගර
ශාලාවේ දි පවත්වන ලදී .

ඉදිරි ජනාධිපතිවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම රටේ සියලුම ජනතාවගේ ඒකම අරමුණ වි ඇති බවත් ඉතිහාසයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙක් ලබා නොගත් දැවන්ත ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් මේ රටේ සියලු ජනතාවගේ ඒකම නායකයා බවට පත් වන බවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

කිසිදු දේශපාලකයෙකුට සම කල නොහැකි ආර්ථික දැක්මක් තිබිම හා අත්දැකීම් බහුල දේශපාලන ඉතිහාසයක් රනිල් වික්‍රමසිංහ මහතාට සතු වීම මේ රට අර්බුදයෙන් බේරා ගැනිමට හැකිවූ බව ඔහු වැඩිදුරටත් සදහන් කරා.

ගාලු දිස්ත්‍රික් සමුළුව පැවැත්වීමට යොදා ගත් ගාලු නගර ශාලාව පිරි ඉතිරී යන තරමට විශාල ජනතාවක් සහභාගී විම හේතුවෙන් දහසකට අධික පිරිසක් රැස්විම ශාලාවේ පිටත රැඳි සිටිම විශේෂත්වයක් වු අතර පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග මෙදින වජිර අබේවර්ධන මහතා සමග එකතු විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page