පොලිස් අණ නොතකා ධාවනය කළ බවට කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව සදහන් වේ.
මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අණ නොතකා ධාවනය කළ ලොරි රථය පිටුපස පැන්නූ අවස්ථාවේ ලොරි රථ රියදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇති බව පොලිසිය කියයි.
සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබුනත් එම අණ නොතකා ලොරි රථයේ රියදුරු නොනවත්වා ලොරිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය හඹා ගොස් ලොරිය නවතා ඇති අතර රියදුරු බියගැන්වීමට පිස්තෝලය ගත් අවස්ථාවේදී එය පත්තු වී රියදුරු එතැනම මියගොස් ඇති බව උසස් නිලධාරියා පැවසීය.
එම අවස්ථාවේදී එතනට රැස්ව සිටි ප්‍රදේශවාසීන් උප පොලිස් පරීක්ෂකවරයාට සහ කොස්තාපල්වරයාට දැඩි විරෝධය පළ කරමින් කලහ්කාරී ලෙස හැසිරී ඇති අතර නාරම්මල පොලිසිය වට කරමින් ගේට්ටු කඩා බිඳ දමා දේපළවලට හානි කර ඇතැයි එම නිලධාරියා කීය.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවූ බවත් උසස් නිලධාරියා කීය.
ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ හිතා මතා වෙඩි තැබූ බවයි.
