රුපියල් මිලියන 11,250 ක විමධ්‍යගත මුදල් වෙන්කර ඇත්තේ දිස්ත්‍රික් ජන අනුපාතය අනුව බවත් ඒම ව්‍යාපෘති ජුලි මස අවසන් වන විට අවසන් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මින් පෙර වසර වලදී සිදුකළ ආකාරයටම මෙවර ද දිස්ත්‍රික් ජන අනුපාතය අනුව විමධ්‍යගත අරමුදල් වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරා.
රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලා.
රට තුළ පැවති ආර්ථික ගැටළු හේතුවෙන් පසුගිය වසර කිහිපයක් විමධ්‍යගත අරමුදල් වෙන් නොකළ බවයි. එසේම අවසන් වරට විමධ්‍යගත අරමුදල් ලෙස වෙන්කරනු ලැබූයේ රුපියල් මිලියන 2250 ක් පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා , එය සියයට 500 කින් ඉහළ නංවමින් මෙවර එම මුදල රුපියල් මිලියන 11250 දක්වා ඉහළ නැංවූ බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
