රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වීම මේ රටේ ජනතාවගේ වාසනාවක් බවත් කිසිම දිනෙක දේශපාලඥයන් නොකරන විශාල වෙනස්කම් ඔහු විසින් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක පවසයි.
අද සිදු කරන මෙම වෙනස්කම් දැනට අවුරුදු විස්සකට පෙර සිදු කෙලේ නම් මෙවන් තත්ත්වයක් රටට අත් නොවන බවත් මේ රටේ ජනතාව මෙවැනි ආර්ථික අර්බුදයෙන්ට පත් නොවන බවත් ඔහු සදහන් කර සිටියා
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි…
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ….
2015 වෙනකල් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව අපි වැඩ කළා.2015 න් පස්සේ තමයි අප එකතු වුණේ. 2015 වෙනකල් එතුමාට අප බෑ කියලා කිව්වා. එතුමාට හැමෝම කියනවා නිකන් ජනාධිපති වුණා කියලා. ඒක එතුමාගේ වාසනාව වගේම රටේ ජනතාවගේ වාසනාවත් වෙන්න ඇති.
කිසිම දේශපාලනඥයකු නොකරන විශාල වෙනස්කම් රනිල් වික්‍රමසිංහ කරලා තියෙනවා. නීති රීති වෙනස් කරන එකේ ඉඳන් මේ හැම දේම මීට අවුරුදු 20කට කලින් අපි කළා නම් අද වගේ තත්ත්වයකට අප පත් වෙන්නේ නෑ. හැබැයි කාටවත් මේක තේරුණේ නෑ.මේ පරිවර්ථනය මේ වෙලාවේ හරි කළේ නැත්නම් අපේ දරුවන්ගේ අනාගතය ඉදිරියේදීවත් සුබවාදී කර ගන්න බැරි වෙනවා.
සමහර වෙලාවට ගන්න තීරණ රජයේ නිලධාරීන්, ජනතාව සතුටු නොවන තීන්දු වෙන්න පුළුවන්. හැබැයි මේවා කොහෙන් හරි පටන් ගන්න ඕනෑ.ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට අපි ස්තූතිවන්ත වෙනවා. අපි හැමෝම විරුද්ධ වුණත්, සමහර විරෝධයන් නොතකා කටයුතු කිරීම පිළිබඳව. වෙනස් විය යුතු තැන් වෙනස් කිරීම පිළිබඳව.
