නිල අරාධනාවක් මත ඉන්දීයාව බලා පිටත් වු ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග අද (05) සාකච්ඡා ආරම්භ කර ඇත.

ඉන්දියානු නිල ආරාධනයකට අනුව ඉන්දියාව බලා ගිය ජාතික ජන බලවේගයේ දූත පිරිස පෙරවරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබුණු අතර ඒම හමුව පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සතුටට පත්වන බවත් එය අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳව හොඳ සාකච්ඡාවක් බවත් සදහන් කරන ලදි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැනත් අප සාකච්ඡා කළා.
අපගේ අසවසියා පළමුව සහ සාගර ප්‍රතිපත්ති සමඟින් ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වනු ඇත” යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සඳහන් කරයි …

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page