ඇමරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් වන candida auris පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබුණත් මසක් තුළදී වොෂින්ටනයේ ආසාදිතයින් සිව් දෙනකු වාර්තා වීම සමග සමඟ ලෝකයේ අවධානය මේ පිළිබඳව යොමු වී ඇත.

මෙය ඉතා වේගයෙන් ආසාදනය වන අතර ඖෂධ ලබාදීම හරහා සුව කිරීමද අපහසු බව සඳහන් වෙයි .

මෙම දිලීරය ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ඉක්මනින් වැළඳිය හැකි අතර ඔක්සිජන් නල භාවිත කරන සහ කැතීට භාවිතා කරන රෝගීන්ට ඉතා පහසුවෙන් මෙම දිලීරය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද වෛද්‍ය විශේෂඥයින් පවසයි .

ශරීරයේ විවෘත තුවාල සහ කන් ආශ්‍රිතවද මෙම දිලීර ආසාදන තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරුන් පවසයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page