ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමානව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

ඒ අනුව රුපියල් 5,000ක් ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500 දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බවයි. දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනා ගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබා දීමට නියමිත ය.

මේ අතර මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවධානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. දැනට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද අවදානමට ලක් වූ කණ්ඩය සඳහා රුපියල් 5,000ක දීමනාවක් හිමි වූ අතර ඉදිරියේ දී එම කාණ්ඩ දෙක එක්කොට පවුල් ලක්ෂ 8ක පිරිස එකම අවදානමට ලක් වූ කාණ්ඩය සේ සලකා රුපියල් 5,000 දීමනාවක් ලබා දෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page