ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල පහළ දැමිමට ලාෆ් ගෑස් සමාගම තිරණය කල බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කර සිටියා.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල 3840 ක් දක්වා ද අඩු කළ බව ඔහු සදහන් කලා.
කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් පහළ දැමූ බවත් ඒ අනුව එහි නව මිල 1542ක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය
