අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒම වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 සිටින බවටද මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ .

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වනදා පැවති අතර ප්‍රශ්න පත්‍රය සිසුන්ට උදෑසන 8.30ට ලබා දි තිබුණු බවත් සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමූහ වෙත මුදාහැර ඇති බව පොලීසිය සදහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page