නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් රුසියානු කුලි හමුදාවන්ට යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය හඳුන්වාදුන් දුරකථන අංකයට ඊයේ (12දා) දහවල් වනවිට පැමිණිලි 151ක් ලැබී ඇති බව වාර්තා වේ.
හිටපු හමුදා සාමාජිකයන් රුසියාවේ ගොවිපළවල රැකියාවට රැගෙන ගොස් ටික දිනකින් එහි රැකියා කිරීම නවතා එම ගොවිපළවලින් ඉවත් කිරීමෙන් පසු කුළී හමුදාව විසින් එම පිරිස් රැගෙන ගොස් රුසියානු – යුක්රේන යුද්ධයට යොමුකර ඇති බවට ද ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.
මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පමණක් රුසියානු-යුක්රේන යුද්ධය සඳහා ගොස් ඇති බවත් මෙම ජාවාරම මෙරටදී සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයකු ඇතුළු කිහිප දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම කුලී හේවායන් ලෙස රුසියානු යුක්රේන යුද්ධයට නොයන ලෙසට මෙ වන විට යුද හමුදාපතිවරයා විසින් විශ්‍රාමික රණවිරවැන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැප වූ රණවිරුවන් පිරිසක් විදෙස් රැකියා නියෝජිතයන් පිරිසක් විසින් සිදුකරන විදෙස් රැකියා ජාවාරමකට හසුවී ඇති බවත් සදහන් කර ඇත .
ඉහළ වැටුප්, එම රටවල පුරවැසිභාවය සහ වෙනත් වරප්‍රසාද ලබාදීමේ පොරොන්දුව මත යුද්ධයට බඳවා ගත්ත ද මේ වනවිට මියගිය අයගේ පවුල්වලට කිසිදු වන්දි මුදලක් හෝ ලබාදී නොමැති බවත් එම නිසා මෙම මිනිස් ජාවාරමට හසුනොවන ලෙසත් ඔහු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් හමුදාපතිවරයා තවදුරටත් ඉල්ලා සිටියා.
ඒසෙම 0112441146 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දුන් අතර එදින සිට ඊයේ දහවල් වන තෙක් මෙම පැමිණිලි ලැබී ඇත.
ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට රුසියා-යුක්රේන යුද්ධය සඳහා පිටව ගොස් ඇති මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඔවුන් පිටත්ව ගිය රට, සම්බන්ධීකරණය කළ පුද්ගලයන්, ආයතන සහ දුරකථන අංක ඇතුළු තොරතුරු මෙම අංකයට ලබාදීමට හැකි බවයි
ඒසෙම රුසියානු රැකියා සදහා ආරක්ෂක අංශ සමාජිකයන් පිරිස සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශයට නිසි ලෙස වාර්තා ලැබි නැති අතර, ඇතැම් විට එම සංඛ්‍යාව 1000ක් 2000ක් පමණ විය හැකි බවට සැක කරන බවත් සදහන් වේ.
