උතුරු මැද පළාතේ පාසල් වල සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,සියලුම කලාප අධ්‍යක්ෂකවරුන්ට,කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට හා පාසල් විදුහල්පතිවරුන්ට මේබව දන්වා තිබේ.

උතුරැ මැද පළාතේ පාසල්වල සේවය කරන ඇතැම් විදුහල්පතිවරුන්,ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් තම පංතියේ හා පාසලේ ඉගෙනුම ලබන දරැවන් ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ,පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පංති හා සම්මන්ත්‍රණ පවත්වන බවට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවත් ඇතැම් ගුරුවරුන්,විදුහල්පතිවරුන් පාසල තුළ ඉගැන්විම් කටයුතු නිසි පරිදි සිදු නොකරන බවටත් තම පුද්ගලික උපකාරක පංතිවලට හා සම්මන්ත්‍රණ වලට සහභාගි නොවන දරුවන් තම පාසලේදි හා පංති කාමරයේදි නොසලකා හරිමින් විවිධ කායික හා මානසික හිංසනයන්ට හා පිඩාවන්ට ලක්කරමින් සිටින බවත් වාර්තා වි ඇත.

ඒ අනුව උතුරැ මැද පළාතේ පාසල් දරුවන් ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ,පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පංති හා සම්මන්ත්‍රණ පැවැත්විම සම්පුර්ණයෙන්ම තහනම් කරන බවත් එම චක්‍රලේඛයේ සදහන් වේ.

මේ චක්‍රලේඛයේ උපදෙස් වලට කටයුතු නොකරන ගුරුවරුන්,ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන්ට විරුද්ධව දැඩි විනයානුකුල ක්‍රියාමාර්ගයක් ගන්නා බව උතුරැ මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා එම චක්‍රලේඛයෙන් වැඩිදුරටත් දන්වා ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page