හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට හැකිවි තිබේ…..
ඒ අනුව එම දර්ශකයේ 96 ද්වන ස්ථානයේ සිට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය මෙ වන විට 91 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය වසරේ රටවල් ශ්‍රේණිගත කරණු ලබන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටේ ජනතාවට ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන අනුව වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 42කට වීසා රහිත ඇතුල්විමට හැකි වේ..
සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 193කටත් ජපානය සහ දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 190ක් සඳහාත් වීසා රහිතව ඇතුල්විය හැක.
පසුගිය වසරේදී ද ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තිබුණු අතර එම දර්ශකයේ ඉන්දියාව සිටින්නේ 77 වන ස්ථානයේ වේ…
