ආණ්ඩුව විසින් කඩිමුඩියේ ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට හකුළා ගැනීමට සිදුව ඇත්තේ ඉන් සිදුවන විනාශයට එරෙහිව ජනතා විරෝධය දැඩි වන විට සිය බලය ගිලිහී යනු ඇතැයි යන බිය නිසා බව සමගි ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක මහතා පවසයි ….
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ වන විට පාසල් දරුවන්ට අවශ්‍ය පෙළපොත් හෝ මොඩියුල කිසිවක් නොමැති වීමෙන් අහිංසක දරුවන් අසරණ වී ඇති අතර දෙමාපියන් තම දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි බියකින් පසුවෙන බවත් රටේ සංස්කෘතිය හෝ සංයුතිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව අවශ්‍ය මානව හා භෞතික සම්පත් පිළිබඳ අධ්‍යයනයකින් තොරව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අගමැතිවරිය ඇතුළු පිරිස කටයුතු කර ඇති බවද ඔහු සදහන් කරයි…
සමගි ජන බලවේගය කිසිවිටෙකත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවන නමුත් ආගම හා සංස්කෘතිය හෑල්ලු කර සිදු කරන අසැබි මානසිකත්වයක් සහිත දරුවන් බිහි කරන පරිවර්තනයන්ට දැඩි ලෙස විරුද්ධ වන බවත් අධ්‍යාපන ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසරේ ජූලි මාසයේදී ඉල්ලා සිටියද, ආණ්ඩුව එය සමච්චලයට ලක් කරමින් තමන් කරන්නේ නිවැරදි දේ බව පවසමින් උද්දච්ච ලෙස කටයුතු කල බවත් ඔහු සදහන් කරයි
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා රටට යහපතක් සිදුවන්නේ නම් හෝ ඒවා අවංක භාවයෙන් යුතුව ඉදිරිපත් කළේ නම් නැවත හකුළා ගැනීමට අවශ්‍ය නොවන බවත්, මින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ සිටින්නේ අවංක පිරිසක් නොවන බවත් පැවසිය..ම්
පළමු ශ්‍රේණියේ දරුවන්ගේ අනාගතය විනාශ නොකර, ප්‍රමාණවත් කාලය ලබාගෙන විද්වතුන්ගේ හා විපක්ෂයේ අදහස් විමසා නිවැරදි ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරණ ලෙස ඔහු ආණ්ඩුවට අවධාරණය කරයි.
