දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා බැලීමේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
එම හානිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සඳහා ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රධාන අරමුණ බවත් සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදු වූ ආර්ථික හා භෞතික හානිය පිළිබඳව සොයා බැලීම සිදු කරනු ලබන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) සඳහන් කර සිටියා
මෙම විශේෂ නියෝජිත පිරිස ජනවාරි 22 සිට 28 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.
