ශ්‍රී මහා බෝධියත් පහුකරගෙන සිල් ගන්න යාපනේට යන්නේ සීලයට නොව වෛරයට බව ඊයේ (16) යාපනයේ පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අමතමින් ජනාධිපති අනුර දිසානායක පවසා සිටියා..
යළි කිසි දිනක ජාතිවාදී ගැටුම් සඳහා නොයන රටක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ඇති බවත් කිසිදු ජාතිවාදයකට නැවත නැගීමට ඉඩ නොතබන බවදත් රටේ පොඩි පොඩි ජාතිවාදී ගුලි පවතින බවත් ශ්‍රී මහා බෝධිය පහුකරගෙන පිරිසක් සිල් ගැනීමට යාපනයට පැමිණෙන බවත් එහි ඇත්තේ සීලය නොව වෛරය බවත් එතුමා සදහන් කරයි.
එසේ නොවේ නම් පන්සල් පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පසුකර යාපනයේ එක් ස්ථානයකට පැමිණීමට හේතුවක් නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.
එසේම සෑම පොහෝ දිනයකම එම ස්ථානයට පිරිසක් වට වන්නේ ඉඩම් වෙනුවෙන් නොව ජාතිවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
කුඩා කුඩා ජාතිවාදී කණ්ඩායම් යළි තැන තැන හිස එසවීමට උත්සාහ කළ ද ඒ සඳහා ඉඩ නොතබන බවද සදහන් කරයි.
