බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දිගු කර තමන්ගේ දේශපාලනය උතුරේ ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයා උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි…

දකුණේ ජනතාව යාපනේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවියන් වැදපුදාගන්න එන්න එකටවත් ජාතිවාදිය කියලා අර්ථකථනය නොකරන ලෙස ඔහු සදහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය දා තඹුත්තේගම පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැලිය අමතමින්‍ ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද කීය.

වර්තමානයේ අපේ ජනාධිපතිතුමා අපේ ගමට දෙවතාවක් ආවා.මම ටිකක් පරක්කු වුණා.හැබැයි ගරු ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ,මම ඔබේ ගමට ඇවිල්ලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නෑ.හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා.අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතින් ආරක්ෂා වෙන්න ඕන කියලා.

“අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොඩ නැගෙන්න ඕන කියලා.අවස්ථාවාදී දේශපාලනය තුල තමන්ගේ රට ජාතිය ආගම පවාදීලා හරි තමන්ගේ දේශපාලන බලය රදා පවත්වාගන්නා දේශපාලනයක් නොවෙයි අපට ඕන කරන්නෙ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපේ හාමුදුරුවනේ නාගදීපෙට යන්නේ දැන් යුද්ධය නෑනේ දැන් යන්න පුලුවන්.ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුණි මඩු මෑණියොත් වන්දනාමාන කරගෙන්නේ.ඒ වගේම තමයි ජනාධිපතිතුමනි නල්ලූර් දේවස්ථානයේ ඉදලා යාපනයේ කෝවිල් ගණනාවක් පහුකරගෙන තමයි පා ගමනින් කතරගම පුදබිමට ඇවිල්ලා කතරගම දෙයිහාමුදුරුවෝ වැද පුදාගන්නේ.

ඒක ජාතිවාදය නෙමෙයි තම ආගම පිළිබඳව ඒක විශ්වාසයි….

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page