වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර ප්‍රදේශයේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන් පිරිසෙන් මිය ගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් ඇත.

මල් කැඩීම සඳහා සිසුන් 05 දෙනෙකු ඔරුවකින් යමින් සිටින අතරතුර ඔරුව පෙරළීයාමෙන් සිසුන් පිරිස දියේ ගිලී ඇත .

එහිදී එක් සිසුවෙකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගෙන තිබූ අතර අනෙකු ළමුන් සිව්දෙනා දියේ ගිලී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 වියේ පසුවූ බණ්ඩාරනායකපුර හා මංගලපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page