මීට වසර 13 පෙර ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරිකයෙකු වන ගයාන් වික්‍රමසිංහ මහතා නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය දිනා ඇත.
ඔහු විසින් මෙම සම්මානය හිමි කර ගත්තේ නාපෝලි නගරයේ දී අරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ සිට එළවළු ක්‍රමවත් ලෙස ඉතාලියට ගෙන්වා ගැනීමට අපහසු බැවින් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය එළවළු ඉතාලිය තුලම වගා කිරීම වෙනුවෙනි.
නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන එම ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇත. මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර තිබේ.
ගයාන් වික්‍රමසිංහ මහතාගේ මෙම සියළු වික්‍රමයන් නිරීක්ෂණය කල ඉතාලියේ ප්‍රසිද්ධ කෘෂිකාර්මික සංවිධනයක් වු COLDIRETTI ආයතනය වසරේ නැගී එන හොදම කෘෂි ව්‍යවසායකයට පිදෙන ඔස්කාර් ග්‍රීන් සම්මානයෙන් පිදුම් ලැබුවාය.
