ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම පැමිණ තිබෙන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කර ඇත.
ප්‍රංශ විරෝධතාකරුවන් එරට පොලිසියට පහර දීම සඳහා එම අවි යොදා ගන්නා බවත් බටහිර රටවල් වසරක් පුරාවට යුක්රේන ජාතිකවාදීන්ට ලබා දුන් සහාය එම රටවල ඊට සමාන අදහස් ඇති කණ්ඩායම් ධෛර්යමත් කර ඇති බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා මරියා සකරෝවා ඊයේ (06 )පැවති මාධ්‍ය හමුවේදි පවසා තිබේ.
ඒ රට මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව නාසිවාදයට පක්ෂපාති කණ්ඩායම් ප්‍රංශයේ විරෝධතාවල පෙරමුණ ගෙන තිබෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන් යුක්රේනයට ලබා දුන් ආයුධ සහ අරමුදල් ඔවුන්ටම නැවත පැමිණ ඔවුන්ගේම ජනතාවට හානි කරන බව එම මාධ්‍ය හමුවේදී සකරෝවා පවසා තිබේ.
බටහිර රටවල් යුක්රේනයට ආධාර ලබා දීමේ අයහපත් ප්‍රතිවිපාක පෙන්වා දීමට දීර්ඝ කාලයක සිට රුසියාව උත්සාහ දරන බව එහිදී සකරෝවා පෙන්වා දී ඇත.
